ඔයාලා ඕනෙම ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න හුඟක් වෙලාවට Internet Donwload Manager යූස් කරනවනේ.... මම කියල දෙන්න යන්නේ කොහොමද ඒකෙන් වැඩ කරන්නේ කියලා... හරිම ලේසී... ඔයා පාවිච්චි කරන්නේ ෆයර් ෆොක්ස් වගේ වෙබ් බ්‍රව්සර් එකක් නම් ඒ වගේ බ්‍රව්සර්වලටනම් මේක ඔටෝ ප්ලගින් වෙනවා. නැත්තම් අපි ඩවුන්ලොඩ් ලින්ක් රක කොපි කරලා IDM එකට දාලා තමයි ඩවුන්ලොඩ් කරගන්න ඕනා... මේ වගේ ඩවුන්ලොඩරයක වාසිය තමා හරි ඉක්මනට ඩවුන්ලොඩ් වෙන එක... ඔන්න බලමු මේකේ ඉන්ටර්ෆේස් එක කොහොමද කියලා...

මේකේ පෙන්නලා තියෙන ලිස්ට් එක තමා ඩවුන්ලෝඩ් වෙන හරි ඩවුන්ලොඩ් වෙච්ච හරි ෆයිලවල ලිස්ට් එක... ඒ ෆයිල් එකක් උඩ ඩබල් ක්ලික් කරලා ඩීටෙල්ස් බලා ගන්නත් පුළුවන්... කලින් කිව්වා වගේ බ්‍රව්සර් එකට ප්ලගින් වෙලා තියෙන වෙලාවට වෙබ් සයිඩ් එකක ඩවුන්ලොඩ් බටන් එක ක්ලික් කරාම ඩවුන්ලොඩ් කරන ගන්න වින්ඩෝ එකක් එනවා පල්ලෙහා තියෙන විදිහට...

ඒකේ Start Download දුන්නහම ඩවුන්ලොඩ් වෙන්න පටාන් ගන්නවා... පල්ලෙහා විදිහට...

ඩවුන්ලොඩ් වෙලා ඉවර උනහම මේ විදිහට වින්ඩෝ එකක් එයි... ඒකේ තියෙනවා ෆයිල් එක ඔන් කරන්න ඔප්ෂන් සෙට් එකක්... කැමති එකක් දීලා ඔන් කරගන්න පුළුවන්...

බ්‍රව්සර් එකට ප්ලගින් වෙලා නැති වෙලාවට මේ වගේ ගේම් එකක් දෙන්න වෙනවා... ඩවුන්ලොඩ් බටන් එක උඩ Right Click කරන්න... Copy Shortcut දෙන්න.. ඒක අරගෙන IDM එකට ගිහින් Add URL කියන බටන් එක ක්ලික් කරන්න... (උඩින්ම තියෙන ඉමේජ් එකේ ඇති...) ඊට පස්සේ එන වින්ඩෝ එකේ Address කියන තැනට ලින්ක් එක Paste කරලා OK දෙන්න... එතකොට ආයේ කලින් වගේ ඩවුන්ලොඩ් වින්ඩෝ එක මතු වෙයි.. ඔඊට පස්සේ කලින් වගේම තමා... හැබැයි ඔයා වෙබ් සයිඩ් එකෙන් ගන්න ලින්ක් එක ෆයිල් එකේ ඩිරෙක්ට් ලින්ක් එක වෙන්නම ඕනා... නැත්තම් ඩවුන්ලොඩ් වෙන්නේ HTML ෆයිල් එකක් තමා...