මේකත් ඉතින් මගේම නිර්මාණයක් තමා... Python Programming වලින් කරපු මගේ පළමුවෙනි GUI Software එක තමයි TBL.PY කියලා මම නම දැම්මේ... Python වලින් Interface එකක් Design කරන විදිහ ගැන මම පස්සේ Post එකක් දාන්නයි හිතාගෙන ඉන්නේ... වැඩේ හරිම ලේසී... හැබැයි මේ TBL.PY Program එක වැඩ කරන්නේ Python 2.7 වල විතරයි. ඒකට හෙතුව තමයි Python Module එකක් තියෙනවා Tkinter කියලා... මේ Tkinter කියන Module එක Import කරලා තමයි Interface Design කරන්නේ... මේ Tkinter කියන Module එක තියෙන්නේ Python 2.7 වල විතරයි...
දැන් මම කියන්නෙම්කෝ TBL.PY ගැන... මේක සරළ Database Management System එකක්. ඕනෑම විදිහකට විස්තර වගුවකට ඇතුලත් කරගන්න මේකෙන් පුළුවන්... මේක හරියට MySQL වගේ තමා පෙන්නන්නේ... ඊට කලින් Download කරගෙන ඉන්න...
ඒ වගේම මේකේ මම Add කරලා තියෙනවා Filters 3ක්.. ඒවා තමා Field Filter, Numeric Filter සහ Equal Filter කියන්නේ...
Field Filter එකෙන් පුළුවන් මුළු වගුවෙන්ම ඔයාලාට ඕන Fields ටික විතරක් වෙන් කරලා ගන්න... Filters > Field Filter > Set Rules ගිහින් තිත් කොමාවෙන් වෙන් කරලා ඕන Fields ටික දෙන්නයි තියෙන්නේ. මතක තියගෙන්න ඕනෑ... Fields වල නම් දෙනකොට හරියටම නමේ Capital, Simple වගේම Spaces පවා බලලා තමයි දෙන්න ඕනෑ.. එක අකුරත්වත් වැඩි වෙන්න බෑ... මෙන්න මේ වගේ...
ඒ වගේම තමා දැනට On වෙලා තියෙන Filters වගේම ඒවට දීලා තියෙන Rules මෙනාද කියලත් වගුවට උඩින් පෙන්වනවා... මේ තියෙන විදිහටම වෙනත් Filter එකක් Run කරන්න උණත් පුළුවන්... එතකොට Table එක හැදෙන්නේ ඒ Rules ඔක්කොමට හරියන්නයි. එහෙමත් කරලා බලමු දැන්...
Numeric Filter එකෙන් පුළුවන් අංක ගණිතමය වෙනස් කමක්... ඒ කියන්නේ Age>18 වගේ වෙනස්කම් ලබා දෙන්න... Filters > Numeric Filter > Set Rules ගිහින් Rules ටික දෙන්නයි තියෙන්නේ... කලින් වගේමයි... අකුරත්වත් එහේ මෙහේ වෙන්න බෑ... ඔයාලාට පුළුවන් ඕනෑ නම් තිත් කොමාව දාලා කැමති වෙනස්කම් ගානක් දෙන්න... හරියට මේ වගේ... Age>17;Age<23;Marks>74 මේ විදිහට දුන්නොත් ඔයාලට එන්නේ වයස 17ත් 23ත් අතර ලකුණු 74ට වැඩි (ඒ කියන්නේ 75 හෝ ඊට වැඩි කියන එක...) Records විතරයි... මතක තියාගන්න ඕනෑ... මුලින්ම Field Name එක දීලා ඊලඟට අසමානතාවය දීලා ඊටඟට තමයි Value එක දෙන්න ඕනෑ... ඒ වගේම මෙකෙ දී >= සහ <= කියලා Rule එකක් නෑ (ඒ කියන්නේ වයස 18 හෝ ඊට වැඩි කිව්වට දෙන්න ඕනෑ Age>17 කියලා...) බලමුකෝ ඒකත් කරලා...
Equal Filter එකත් ඒ වගේම සරළයි... මම ඒ ගැන වැඩි වශයෙන් විස්තර කරන්නේ නෑ... ඒකෙන් වෙන්නේ Age=18;Marks=75 වගේ දුන්නහම ඒ අගයන් විතරක් හරියට තියෙන අයව Filter වෙලා එන එකයි... ඔයාලට ඕනෑ නම් ඔයාලා දුන්න එක එක Filter එක ගානේ Remove කරන්න පුළුවන් Filters > ඔයාලාට ඕන Filter එක > Clear Rule වලින්... ඒ වගේම ඔක්කෝම Filters එකපාරම Filters > Clear Rules in All Filters වලින් වුනත් මකන්න පුළුවන්...
ඒ වගේම තමා මේකේ තියෙනවා Backup System එකක්. ඔයාලා Open කරන හැම File එකකම Backup එකක් Program එක තියාගන්නවා... ඒ විතරක් නෙමේ.... සාමන්‍ය විදිහට අළුත් Record add කරන්න... අළුත් Fields add කරන්න වගේම ඒවා Remove කරන්නත් පුළුවන්... ඒ විදිහට Fields, Records add කරනකොට Database එක Auto Save වෙනවා... ආයේ Save කියලා එකක් නෑ...
ඒ වගේම තමා Filters Run කරලා හරි නොකර හරි දැනට පේන්න තියෙන විදිහට Microsoft Word මෘදුකාංගයට Table එකක් විදිහට ගන්නත් පුළුවන්... කරන්න තියෙන්නේ ඔයාලට ඕන Filters Run කරලා හරි නොකර හරි ඔයාලට ඕන විදිහට Table එක හදාගන්න එකයි... ඊලඟට Database > Print විධානය දෙන්න... එතකොට එයි File එකක් Save කරගන්න... ඒ Save වෙන්නේ Office Word File එක... මෙන්න මේ විදිහට පෙනෙයි එකතොට...
දැන් ඔයාලට පුළුවන් කැමති විදිහට ඒ Table එක MS Word වලින් Modify කරගන්න...