SRT Lab කියන්නේ මගේ නවතම නිර්මාණයක්... මේකෙන් පුළුවන් ඕනෙනම් අලුතෙන් Subtitle File එකක් Develop කරන්න, නැතිනම් Subtitle File එකක් Edit කරන්න.. ඒ වගේම Subtitle Re-sync කරන්න ; ඒ කියන්නේ කාලය නිවැරදි කරන්න... මෙන්න Download Link එක...

Open මත Click කරලා පෙර Subtitle ගොනුවක් විවෘත කරලා බලන්න පුළුවන් පල්ලෙහා වගේ... දැන් Editor කියන කොටසට යන්න...

දැන් ඔයාලට දැකගන්න පුළුවන් File එකේ තියෙන සෑම දෙබසක්ම වෙන් වෙන්ව පහසුවෙන්, ඒවගේම අවශ්‍ය විදිහට Edit කරලා Update Subtitle Click කරන්නයි තියෙන්නේ...

දැන් බලමු කොහොමද Subtitle Files Re-sync කරන්නේ කියලා... දැන් Timer එකක ලකුණ මත Click කරන්න... එතකොට පෙනෙයි මේ වගේ Window එකක්...

මේ Window එකේ තියෙන Textbox එකට වෙනස් වෙන්න ඕන මිලි තත්පර ප්‍රමාණය දෙන්නයි තියෙන්නේ... මේ මිලි තත්පර ප්‍රමාණය KMPlayer එකෙන් අරගන්න විදිහ මේ ලිපියේ මම කලින් සඳහන් කරලා තියෙනවා... ඒ අගය + හෝ - වෙන්න පුළුවන්... දැන් ඒ අගය ඇතුල් කරලා Resync Click කරන්න...

Time Periodsවල වුන වෙනස හොඳින් බලන්න පුළුවන් දැන් දකුණු පැත්තේ List එකෙන්... දැන් Update Subtitle Click කරන්නයි තියෙන්නේ... ඊට පස්සේ Save As විධානයෙන් කැමති තැනක Save කරගන්නත් පුළුවන්... ;-)