http://torrentz.eu/ කියන දැවැන්ත Torrent Site එක මේ වෙනකොට අත් හිටුවලා කියලා කවුරුත් දන්නවනේ... ඒ වුනාට http://torrentz2.eu/, http://torrenhs.ht/ වගේ ඒ සමානම Clone Sites ඇවිල්ලා ඉවරයි... ඉතින් තවමත් කිසි බාධාවක් නැතුව Torrent භාවිතා කරන්න පුළුවන්. අද මම කතා කරන්න යන්නේ Torrent Film එකක් Download කරනකොට Film එක Online Play කරලා කලින් Film එකේ තත්ත්වේ ලබන්න පුළුවන් විදිහක් ගැන... මගේ කලින් ලිපියක මම පෙනවලා දීලා තියෙනවා Torrent වල සාමාන්‍ය භාවිතය කොහොමද කියලා... Torrent නොදන්න අය ඒ ලිපිය කියවලා ඉන්න...
හොඳයි.. දැන් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා... කලින් වගේම Torrent එකක් Download කරලා Bit Torrent වලින් හරි µTorrent වලින් හරි Open කරගන්න... කොහොම උනත් Film එක Online Play කරලා බලන්නත් Peers ලා ඉන්න ඕනෑ... දැන් Torrent List එකේ ඕන Torrent එක Select කරන්න... ඊට පස්සේ පල්ලෙහා Tab Menu එකේ Files කියන Tab එකට ගිහින්, Film එක උඩ Right Click කරලා Copy Stream URL ක්ලික් කරන්න.

දැන් Open කරන ඔයාගේ Web Browser එක... මතක තියා ගන්න Web Browser එකට Adobe Flash Player දාලා තියෙන්න ඕනෑමයි... නැතිනම් මේ ලින්ක් එකෙන් ගන්න පුළුවන්... දැන් අර Copy වෙච්ච URL එකට යන්න... එතකොට අහයි 127.0.0.1 ට Visit කරන්න ඕනෑද කියලා... ඒක Yes දෙන්න. එතකොට Film එක Play වෙයි... හැබැයි Load වෙන්න ටිකක් වෙලා යනවා... මතක තියා ගන්න මේ Stream එක Play වෙන්නේ අර Torrent File එක µTorrent Donwloader එකේ තියෙද්දි විතරයි...

මම මේ බලපු Film එක .mp4 වර්ගයේ නිසා Web Browser එකේ Play වෙන්නේ... හැබැයි .mkv වගේ Video Type එකක් Play කරන්න KMPlayer එක භාවිතා කරන්න පුළුවන්... ඒ ඇරෙන්න ඕනෑම Stream Play කරන්න පුළුවන් Player එකක මේක වැඩ වෙනවා...

දැන් KMPlayer එකේ Open > Open URL වලට ගිහින් URL එක Paste කරලා OK දෙන්න... එතකොට හරි... හැබැයි මේතනදිත් අර වගේම Torrent File එක µTorrent Donwloader එකේ තියෙන්න ඕනෑ...