Bitera කියන්නේ File Encrypt Tool එකක්. මේකත් ඉතින් මගෙම නිර්මාණයක් තමා. Bitera වලින් File Encrypt කරාම ඒක Encrypt කරපු Keyword එක නොදන්න කාටවත් ඒ ගොනුව විවෘත කරන්න බෑ... අඩුම ගානේ මේ Tool එකේ Source Code එක තිබිලත් එහෙම කරන්න බෑ...ඒකට හේතුව තමා මේකේ සැකැස්ම...
File Encrypt වෙන සැකැස්ම ගැන කිව්වොත් මම මේ විදිහේ Encryption මම හඳුන්වන්නේ Keyword Based Encryption කියලා... ඔයාලා දන්නවා ඇතිනේ File එකක් කියන්නේ Bit එකතුවක්... ඉතින් මේ Bit ඔක්කොම Array එකක් නැතිනම් List එකකට අරගෙන එක එක ගණිත කර්ම කරලා තමයි Encrypt කරන්නේ්... ඉතින් මේ තණිත කර්මවලට ඔයා දෙන Keyword එකේ අංකත් යොදාගන්නවා... ඉතින් Encrypt වුන File එකේ Bit වෙනස්... De-crypt කරනකොට වෙන්නේ අර ඔක්කොම ගණිත කර්මවල අනිත් පැත්ත්... මෙතැනදි Software එක දන්නේ නෑ මොකද්ද හරි Keyword එක කියලා... එයා කරන්නේ දීලා තියෙන Keyword එකට අනුව Bit වෙනස් කරන එකයි...
මේ හින්දා බොරු Keyword එකක් දුන්නත් De-crypt එක Run වෙනවා... හැබැයි ඒකෙන් වෙන්නේ File එක තවත් විකෘති වෙන එක... මේ හින්දා තමයි මම කිව්වේ හරිම Keyword එක් නොදන්න කෙනෙක්ට මොන ජාතියකින්වත් De-crypt කරන්න බෑ කියලා...
මේ තියෙන්නේ වැඩේ කරන හැටි...