ඔයාල දැකලා ඇති සමහර Software වල Internet Connect එක භාවිතා කරලා ඒ Software එකට විස්තර අරගෙන Interface එක ගොඩනගනවා. එතනදි වෙන්නේ ඒ Software එකේ Web Server එක හරහා ඒකට ඕන දත්ත ගෙන්වගන්න එකයි. උදාහරණයක් විදිහට අන්තර්ජාල පුවත්පත් සමාගමක මෘදුකාංගයක් ගැන හිතන්න.... පුවත්පත් පරිශීලකයන්ට හැම වෙලේම මේ පුවත්පතේ වෙබ් අඩවියට එන්න ඕන නැති‍වෙන්න පුවත්පත වෙනුවෙන් Software එකක් නොමිලේ ලබාගන්න දෙනවා... එතකොට ඒ Software එක හරහා පරිශීලකයන්ට පුළුවන් පුවත් නරඹන්න...

මෙතනදි සිද්ධ වෙන්නෙත් වෙබ් අඩවිය පරිශීලනය කරනවා වගේම දෙයක්... හැබැයි වෙබ් අතිරික්සු කිසිවක් ඕන නෑ... Software එක තමා වෙබ් අඩවියට පිවිසිලා දත්ත අරගෙනවිත් Interface එක මත දර්ශනය කරන්නේ...

Visual Studio Programming කරන අය එයාලගේ නිර්මාණ බ්ලොග් හරහා බෙදා දෙනකොට ඒ අයටත් එන අදහසක් තමා කොහොමද මෙහෙම දෙයක් කරන්නේ... නැතිනම් Program එක හරහා New Update එකක් හරි ඒවගේ වෙනත් පණිවුඩයක් මෘදුකාංගය භාවිත කරන්නාට දැනෙන්න සළස්වන්නේ කියලා. මොකද හරියටමනම් මේ වගේ විස්තර ගෙන්වාගන්න අපේම වෙබ් සේවාදායකයක් තියෙන්න ඕන නිසා වැඩේ අමාරුයි... මොකද වෙබ් සේවාදායකයට මුදලක් ගෙවන්න වෙන නිසා...

ඒත් මම දැන් කියලා දෙන්න යන්නේ බ්ලොග් එකක් හරහා මේ විදිහේ දත්ත ඔයාල හදන මෘදුකාංයට අරන් දෙන්න පුළුවන් ක්‍රමයක්...! මේකට අවශ්‍ය වෙන්නේ Google Blogger එකේ Blog එකක් විතරයි... හැබැයි වැඩේට පාවිච්චි කරන බ්ලොග් එක හිස් එකක් වෙන්න ඕනෑ.... ඒ හින්දා ඔයා කරනගෙන යන Blog එක මේකට ගන්න එපා... අලුතෙන්ම හිස් Blog එකක් හදාගන්න...

දැන් ඒකේ Template කියන කොටසට ගිහින් Classic Template එක Active කරන්න... ඊට පස්සේ Classic Template එකේ Coding එක සම්පූර්ණෙන්ම Delete කරලා මේ විදිහේ Coding එකක් කරන්න... මේක මමම හඳුන්වා දෙන ක්‍රමයක්...

data_name_1["data_1","data_2","data_3"]
data_name_2["data_1","data_2","data_3"]

data_name_1 කියන්නේ ඔයාට එවන්න ඕන දත්තයක නම... ඒකෙන් තමා මම පල්ලහො දීලා තියෙන VB Coding එක දත්ත අඳුනගන්නේ... එකම නම දෙපාරකට දෙනැතක යොදාගන්නත් එපා...! ඒ වගේම මම එක දත්ත නමකට දත්ත ලැයිස්තුවක්ම එකපාර ගෙන්වගන්න ක්‍රමයකට තමයි හදලා තියෙන්නේ... කොටු වරහන ඇතුලේ තියෙන්නේ ඒ දත්ත... ද්විත්ව උඩු කොමා ඇතුලේ තමයි හැම දත්තයක්ම එන්න ඕන... සැළකිලිමත් වෙන්න ඕන දේ තමයි... වැඩි පුර එක Space එකක්වත් තියෙන්න බෑ කියන එක ! උදාහරණයක් විදිහට මේක බලන්න...

software["KMPLayer","Nore 10","CCleaner"]

හැබැයි මතක ඇතුව කොටු වරහනයි, ද්විත්ව උඩු කොමා වෙන තැන්වලට දාන්න එපා... දත්තයකට මැද්දට ද්විත්ව උඩු කොමා දාන්න ඕන උනොත් තනි උඩු කොමාව දෙපාරක් එක ලඟ විදිහට දාන්න... මොකද මේ දත්ත හරියට අඳුනගන්නේ ඔය කොටු වරහනයි, ද්විත්ව උඩු කොමා වලිනුයි...

දැන් මේ පල්ලෙහා මම හදපු VB Function එක ඔයාලගේ මෘදුකාංගයට දාන්න...



    Dim server_response As String = ""
    Function get_server_response(ByVal server)
        Dim server_client As New System.Net.WebClient
        server_response = server_client.DownloadString(server)
        server_response = server_response.Replace("", "")
        server_response = server_response.Replace("", "")
        Return True
    End Function
    Function get_server_data(ByVal data_id)
        Dim temp_response = My.Computer.FileSystem.SpecialDirectories.AllUsersApplicationData & "\res.txt"
        My.Computer.FileSystem.WriteAllText(temp_response, server_response, False)
        Dim res_line As IO.StreamReader = My.Computer.FileSystem.OpenTextFileReader(temp_response)
        Dim line As String : Dim server_out = "" : Dim x = 0
        Do : line = res_line.ReadLine
            If Not x = 0 And Not line = Nothing Then
                Dim tmp_id = "" : Dim tmx_id = True
                For Each c As Char In line
                    If c = "[" Then : tmx_id = False : End If
                    If tmx_id Then : tmp_id += c : End If
                Next
                If tmp_id = data_id And Not tmx_id Then
                    server_out = split_line_data(line, tmp_id) : tmx_id = True : Exit Do
                End If
            End If : x += 1
        Loop Until line Is Nothing
        res_line.Close() : Return server_out
    End Function
    Function split_line_data(ByVal line, ByVal line_id)
        line = line.ToString.Substring(line_id.ToString.Length, line.ToString.Length - line_id.ToString.Length)
        line = line.ToString.Remove(0, 2)
        line = line.ToString.Remove(line.ToString.Length - 2, 2)
        line = line.ToString.Replace("""" & "," & """", "|")
        Dim tmp_out = line.ToString.Split("|")
        If tmp_out.Length = 1 Then : Return tmp_out(0).ToString
        Else : Return tmp_out : End If
    End Function


මේ Function එක ගැන කිව්වොත් මුලින්ම ඔයාලා කරන්න ඕන Blog එක හඳුන්වා දෙන එක...

මෙන්න මෙ වගේ... මතක ඇතුව මේ පල්ලහො කොටස දාන්න ඕන Form එක Load කියන කොටසට... ඒ කියන්නේ Software එක Run වෙන්න ගන්නකොටම ඕන කරන විස්තර ඔක්කොම ගෙන්න ගන්න ඕනෑ...

get_server_response("http://myblog.blogspot.com/")

දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ Software එකේ ඕන තැනකදී අවශ්‍ය විස්තර අරගන්න... කරන්න තියෙන්නේ මේ වගේ Function එකක් ලියන එක විතරයි...

dim data = get_server_data("data_id")

මේ උදාහරණේ තියෙන්නේ data_id කියලා හඳුන්වාදීලා තියෙන දත්ත ලැයිස්තුව data කියන විචල්‍යයට ලැයිස්තුවක් විදිහට අරගන්න එකයි... හැබැයි එක එක දත්තයක් විතරක් තියෙන data_id එකකින් දත්ත ගෙන්වාගත්තහම ඒක ලැයිස්තුවක් නොවී තනි String එකක් විදිහට එන්න තමයි මම හදලා තියෙන්නේ...

මේ උදාහරණේ බලන්න...

windowname["Free Download Software"]
software["KMPLayer","Nore 10","CCleaner"]

මේ විදිහට Blog එකේ ලිව්වොත්...

dim data_1 = get_server_data("windowname")

data_1 කියන විචල්‍ය String එකක් වෙනවා...

dim data_2 = get_server_data("software")

data_2 කියන විචල්‍ය List එකක් වෙනවා...

දැන් ඔයාට පුළුවන් කැමතිනම් ඒක Window එකේ Title Text එක කරන්න මේ විදිහට...

dim data_1 = get_server_data("windowname")
Me.Text = data_1

දැන් බලමු අර Software List එක කොහොමද ListBox1 කියන List එකකට Items විදිහට ගන්නේ කියලා...

dim data_2 = get_server_data("software")
Dim n = 0
Do While n < data_2.length
ListBox1.Items.Add(data_2(n))
n += 1
Loop

Image එකක් දාන්න ඕන නම් මේ විදිහට Blog Code එක ලියන්න...

logo["https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiELaMKIrg4E-OGADuqHq7cUTNUnb_bYT2NUdklqZ1slqmrH_exM871CsjHXFYdNetjhhHvETJwT5inWS-xDEHYEVNJZrNfKkoCm5dV_y6k_FiSzUHdsn2h8ouU6zg2lO9spRBEI9XiTHc2/s1600/KMPlayer.png"]

PictureBox1 කියන Picture Box එකට මේ Image එක දෙන්නේ මෙහෙමයි...

dim data_3 = get_server_data("logo")
PictureBox1.ImageLocation = data_3

ඔය දුනනේ පිහැදිලි වෙන්න උදාහරණ කීපයක්... ඔය විදිහට ඕනෑ තරම් දත්ත ගෙන්වාගන්න පුළුවන්... ඔයා Blog එකේ Coding එක වෙනස් කරනකොට Software එකත් නිකම්ම Update වෙනවා මේ හින්දා....!



Brightspot Network
Free educational network inclding Android App, Web Server and YouTube channel, for those who dreaming to be a pro in programming and ICT feild. Most of learning segments and tutorials are related to GEC OL and AL syllabuses.

Brightspot Android App is more reliable to use for your educational purposes and daily updates will encurage you to do earn programming and web developing techniques.
Featured Articles
Read the present ICT world tehnologies, PC tricks. There may be some of introduction to the software that you should follow to make your daily works more easy and fast.

These articles are provided by one of my Project called "Article Library", even you can embed this article into your web, blog or any place you want.
Tools & Projects
My personal projects thats i've created using my web developing and programming knowladge. There are web based tools and projects also youcan embed them into your web sites wherever you want. And other projects such as windows programs, you can download them easy and use the free of charge.

Try your best to improve your programing knowladge and develop some of apps and webs tools like this to show some colours to the world!
Sinhala Tutorials
There are easy and breif programming and web development tutorials to improve your skills and help you to begin with coding. I hope this Sinhala tutorials will able to educate you something to come up with new ideas and invent new programs and web designs.

You can download these tutorials free of charge as PFDs. Enjoy the free and fast prograimg and web developing education!
I'm Deshan Nawanjana
World of technology is much wonderful. There is a dream with everyone to reach, everyone to succseed. My dream is to win the programmg and web development world in my own way. Follow me and I will share the knowloadge that I have and let's reach to the top of this mountain.
Web Designing
Programming
Technology
Help & Support
Brightspot Educational Network
Web Server
Visit Now
Android App
Install Now
Youtube Channel
Visit Channel
Brightspot Educational Network
Android App
Install Now
Web Server
Visit Now
Youtube Channel
Visit Channel
Tools & Projects
xPanel
I've created some of web based tools that make your stuff easy. All of these tools work on web browser and also you can embed these tools into your web, blog or anywehere you want.

Javascript is the major proccessing language here and most of these tools are based on text converting, formatting and ecnrypting.
Arduino World
Arduino is one of the most famouse feild for those who likes to work with the electronic programming world. Using the basic UNO Arduino Board, some of sensors and modules, you can cover up this entire tutorial site.

Each section of the Arduino wolrd contained with one somple example and pins setup strcture. So With the description of those examples, you may able to learn Arduino much faster.

C Notes LK
Learn the C Programming step by step. This tutorial already have everything you need to know in C. All of basics coding segments are included in order. If you willing to start from the begining, I'm sure you will able to do C programming in few days.

Every example that inside a step is conatined with comments line by line. So you don't need to worry about your programming knowladge. It will make everything easy to learn.
Programming & Web Tutorials in Sinhala
Download
Download
Download
Download
Download
Download
Download
Download
Download
Contact Me
deshan.uok@gmail.com
+94 766095229
Facebook Page