පරිගණක වෛරස

ඔබ එදිනෙදා පරිගණක භාවිතා කරන අයෙකු නම් මේ මාතෘකාව ඇසූ සැනින් සමහරෙක් විට හිසරදයක් වුවත් ඇති විය හැකීයි. මොකද වෛරසවල බලපෑම අත්දැකීමෙන් දන්නා අයෙකුට එය පාලනය කරගත නොහැකි වූ බොහෝ අවස්ථාවල හිසරදයක් වන නිසාවෙනි. ඉතින් මා අද පවසන්නට යන්නේ මේ පරිගණක වෛරස හැසිරෙන ආකාරය සහ ඒවායෙන් වැළකී ආරක්ෂා වන ආකාරයයි. මුලින්ම සලකා බැලිය යුතු වන්නේ පරිගණක වෛරස යනු මොනවාදැයි කියායි.

පරිගණක වෛරස යනු

සමහරෙක් විට ඔබ සිතන්නට පුළුවන් මේ පරිගණක වෛරස අපට ආසාදනය වන උණ, සෙම්ප්‍රතික්ෂාව යනාදී රෝග වගේ ඉබේ හටගත් ඒවා කියා. නමුත් එය එසේ නොවේ. පරිගණක වෛරස කියන්නේ මිනිසා විසින්ම නිමවපු මෘදුකාංග ප්‍රභේදයකට. ඒවායින් බොහෝ විට කරන කාර්යය තමා වෛරසයේ නිර්මාතෘ ආරකෂා කිරීමට අනෙක් පරිගණක සතුරු පරිගණක ලෙස දකිමින් ඒවා හට ප්‍රහාර එල්ල කිරීමයි. බොහෝ වෙලාවට විශාල සමාගම් තමාගේ පරිගණක ජාලයේ මෙවැනි වෛරස තැම්පත් කරන්නේ ජාලයට හොරෙන් ඇතුලු වන්නන් හට මේ වෛරස මුදා හැරීමටයි. එවිට ඒ වෛරස තම සමාගමට අයත් පරිගණක හැර අනෙක් සියලුම පරිගණක සතුරු පරිගණක ලෙස දකිමින් ක්‍රියා කරනවා. වෛරස නිපදවන මෘදුකාංග ඉංජිනේරුවන් මෙවැනි වෛරස නිපදවීමෙන් ඉහළ ප්‍රතිලාභ ලබන අතරේ අන්තර්ජාලය භාවිතා කරන අපට මේ වෛරස හමු වන්නේ කලින් කී සමාගම් ජාලයට හොරෙන් ඇතුලු වූවාගේ පරිගණයේ සිට හෝ අතර මැදි පරිගණක කිහිපයක් පිසු කිරීමෙන් අනතුරුවයි. ඉතින් අප ඒ වෛරසයට පහසුවේන ගොදුරු වෙනවා. ඉතින් මේ විදිහට තමා වෛරස ලෝකයේ පැතිරෙන්නේ. අන්තර්ජාලය හා සැනෙලි මතක වගේම තවත් බොහෝ උපාංග ඔස්සේ වෛරස සම්ප්‍රේෂණය වෙනවා.

සාමාන්‍ය වෛරසවල ව්‍යුහය

වෛරස කියන්නේ මෘදුකාංගයක් බව පැහැදිලී. එයට හේතුව තමා ඒවාට Proccess වීමේ හැකියව තියෙන්නේ Windows මෙහෙයුම් පද්ධතියක් මත .exe ආකාරයෙන් විතරක් නිසා. නමුත් ඔබ දැක ඇති වෙනත් ගොනු වර්ග කීපයතුන් ඒ අතර. මේ එක ගොනුවකටවත් ඉබේ ක්‍රියාත්මක වීමේ හැකියාව නැහැ. මේ ගොනු මෙහෙයවන්න අනිවාර්යෙන්ම .exe ගොනුවක් සැඟවී සිටිනවාමයි. .exe නොවන ගොනු භාවිතා කරන්නේ අපගේ විස්තර, වෛරසය නැවත ගොඩනැගීමට අවශ්‍ය විස්තර ගෙනයාමට හෝ අනවශ්‍ය ලෙස මෙවැනි ගොනු නිර්මාණය කරමින් පරිගණකය මින්දගාමී කිරීමටයි.

එසේනම් එකක් පැහැදිලිය. එනම් වෛරස .exe ආකාරයම වේ. එසේනම් මේවා ඉබේ ක්‍රියාත්ම වන්නේ කොහොමද ? මෙහෙයුම් පද්ධතියක ආරක්ෂක ක්‍රම එක්ක බලනකොට .exe ආකාරයේ ගොනුවකට ඉබේ ක්‍රියාත්ම වීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා පරිණක පරිශීලක හෙවත් අපගේ සහයත් අත්‍යාවශ්‍යමයි. දැන් අපි බලමු කොහොමද මේ වෛරස ඉබේ පණගැන්වෙන්නේ කියා.

වෛරස ඉබේ පණගැන්වීම

බොහොවිට ඔබ අසා ඇති Autorun ආකාරයේ වෛරස පිළිබඳව. Windows මෙහෙයුම් පද්ධතිය Autorun ක්‍රමය හඳුන්වා දෙන්නේ මෘදුකාංග ස්ථාපනය (Install) කිරීමේ පහසු මගක් විදිහටයි. වෙළඳපලෙන් මෘදුකාංග CD, DVD ආකාරයෙන් මිලට ගෙනවිත් පරිගණකයට දමා My Computer තුළ දිස් වන CD Rom අයිකනය මත Double Click කිරීමෙන් මේ Autorun ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා Autorun.ini ලෙස ගොනුවක් CD එක තුළ තියෙනවා. මෙහෙයුම් පද්ධතිය මගින් Autorun ගොනුව කියවා ඉබේ ක්‍රියාත්මක විය යුතු මෘදුකාංගය සොයා ක්‍රියාත්මක කරවනවා. මේ නිසා CD එක තුළට පිවිසෙමින් Setup ගොනුව සෙවීමට අවශ්‍ය වන්නේ නෑ. මෙහි Autorun.ini යනු වෛරසයක් නොවේ. එය Notepad මෙවලම මගින් සකසා ගත හැකි විධාන ගොනුවක්. මෙම විධාන ගොනුව Setup එක සමග CD එක මත ලිවීම නිසා CD එක Autorun ක්‍රමය අනුගමනය කරනවා. ඉතින් වෛරසද මේ ක්‍රමය භාවිතා කරන්නේ ඉබේ කියාත්මක වීමටයි.

Windwos XP මෙහෙයුම් පද්ධතියේ තිබෙන අඩුපාඩුවක් නම් CD හෝ DVD තුළ වන Autorun පමණක් නොව Pen Drive හා Hard Disk එක මත වන Autorun.ini පවා ක්‍රියාත්මක කරවීමයි. ඉතින් වෛරස සැදූ Autorun.ini ගොනුවක් නම් එය ලියා තිබෙන්නේ වෛරසයට අදාළ .exe ගොනුව ඉබේ ක්‍රියාත්මක වීමටයි. ඉතින් වෛරසය සහිත Pen Drive එකක Autorun.ini ගොනුව ඇතුළත් වන විට My Computer වෙත ගොස් Pen එක මත Double Click කිරීමෙන් ඉහත කී වෛරසය ඉබේ ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා.

නමුත් නූතන පරිගණක මෙහෙයුම් පද්ධති විදිහට Windows 8, 8.1, 10 මෙහෙයෙුම් පද්ධති CD, DVD නොවන Autorun ගොනු ක්‍රියාත්මක කරවන්නේ නැහැ. කෙසේ වෙතත් මේ මෙහෙුම් පද්ධතිවල Autorun ක්‍රමය වෛරස සඳහා එතරම් සාර්ථක වන්නේ නැහැ. නමුත් සාර්ථක වන අවස්ථාද තිබෙනවා. ඒ සඳහා වෛරස ඉඩ ප්‍රස්ථාව සලසා ගන්නේ ඉතාමත් සූක්ෂමව.

අන්තර්ජාලයෙන් නොමිලේ බාගත කරගන්නා මෘදුකාංග විටෙක ව්‍යාජ මෘදුකාංග විය හැකීයි. ඉතින් වෛරසවලට ස්ථාපනය වීමට මෙම ක්‍රමය වඩාත් පහසු වන්නේ නොමිලේ බාගත කරගන්නා මෘදුකාංග තුළ සැඟවෙමින්. සමහර විටෙක මෙම මෘදුකාංග මුදලට ලබා ගන්න තිබෙන ඒවා නිසා Crack සොයන අපව මුලාවට ලක් කරමින් එම මෘදුකාංගය නිපදවන සමාගම මගින්ම පවත්වාගෙන යන ව්‍යාජ වෙබ් අඩවියක් විය හැකීයි. එමගින් එම සමාගම් ව්‍යාජ මෘදුකාංග පිටපත් පැතිරීම වැළැක්වීමට උත්සාහ දරණවා. තවත් විටෙක Crack කිරීමෙන් පසුව මෘදුකාංගය නිවැරදිව ක්‍රියා කළත් එම මෘදුකාංගයම රහසිගතව වෛරසයක් ලෙස ක්‍රියා කරන අවස්ථාද තිබෙනවා. මේ සඳහා එම සමාගම් අදාළ මෘදුකාංගය වෛරසයක් ලෙස හැසිරීමට අවශ්‍ය කේතනයන් (Codings) පෙර සිටම මෘදුකාංගයට ඇතුළත් කරනවා. මේ නිසා වෛරස පැතිරීම ඉතාමත් පහසුවනවා. නොමිලේ බාගත කරගත් මෘදුකාංග ක්‍රියාත්මක කරනුයේ අපගේ අතින්මයි. මේ නිසා මෙහෙයුම් පද්ධතියට මේ පිළිබඳ හඳුනාගැනීමේ හැකියාවක් නැහැ.

වෛරසවල ක්‍රියාතාරීත්වය

කෙසේ හෝ ක්‍රියාත්මක වූ වෛරසය හැකි තාක් ඉක්මනින් උත්සාහ දරන්නේ මෙහෙයුම් පද්ධතිය හා ඒකාබද්ධ වීමටයි. එමගින් පරිගණකයේ සියලුම‍ පාලනය වෛරසය අතට ලැබෙන අතරට පරිශීලකගෙන් වසන් වීමටද හැකියාව ලැබෙනවා.

වෛරසය මෙහෙයුම් පද්ධතිය හා සම්බන්ධ වීමෙන් අනතුරුව තමාට ඇති බාධක විශාල ප්‍රමාණයක් ඉවත් කරගන්නවා. ගිනි පවුර (Firewall), ආරක්ෂක සැකසීම් (Security Settings) ඒ අතරින් ප්‍රධාන වෙනවා. මේ අයුරින් වෛරසය තම ආධිපත්‍යය පරිගණකය තුළ පිහිටුවනවා. පසුව තමයි පරිගණකය අඩාල අඩාල කිරීමට කටයුතු ආරම්භ කරන්නේ. මේ සඳහා බෙහෝ වෙලාවට අධික වේගයෙන් අනවශ්‍ය ලෙස ගොනු පිටපත් කිරීම භාවිතා වෙනවා. එමගින් පරිගණකයේ මතකය (Memory) සහ ප්‍රොසෙසර භාවිතය (CPU Usage) ඉහළ අයකට ගෙන යනවා. නමුත් මෙම එක ගොනුවක්වත් අපට පෙනෙන්නේ නැහැ. ඒවා අපෙන් අදෘශ්‍යමානව එක් Volume එකකින් තව එකකටත්, එයින් තව එකකටත් ලෙස චලනය කරනවනවා. මේ නිසා කාලයක් ගත වෙන විට මෙසේ පිටපත් වුණු ගොනු සංඛ්‍යාව ලක්ෂ ගණනක් විය හැකීයි. මේ ගොනු විශාල ගොනු වන්නේ නැහැ. මේ ගොනු විශාලත්වයෙන් කිලෝබයිට් කිහිපයකට පමණක් සීමා වන නිසා දෘඩ තැටියේ ධාරිතාවය පිළිබදව පරිශලකගේ අවධානයට ලක් වන්නේ වත් නැහැ. දැන් අපි බලමු මේ වෛරස තවත් පරිගණකයකට ස්ථාපනය වන ආකාරය.

වෛරස පැතිරීම

මෙහෙයුම් පද්ධතියක් අවනත කරගත් වෛරසයකට Pen Drive එකක් පරිගණකයට සම්බන්ධ කළ විට එය හඳුනා ගැනීම ඉතාමත් පහසුයි. ඉතින් එසේ Pen Drive එකක් සමබන්ධ කළ වහාම වෛරසය සම්ප්‍රේෂණයට අවශ්‍ය ගොනු Pen Drive මත තැම්පත් කරනවා. නමුත් මේ කිසි ගොනුවක් පරිශීලකට දිස් වන්නේ නැත්තේ අදාළ පරිගණකයට මේ වන විටත් වෛරසය ආසාධනය වී ඇති නිසාවෙන්. ඒ වගේම කිසි සැකයක් ඇති නොවන ලෙස පරිශීලකට අවශ්‍ය ගොනුද පිටපත් කිරීමට ඉඩ ලබා දෙනවා.

වෛරසය සෑදූ ගොනු දර්ශනය වන්නට පටන් ගන්නේ වෛරසය ස්ථාපනය වී නැති පරිගණකයකට මෙම Pen Drive එක සම්බන්ධ කළ විටයි. වැඩි වියේ පසු වන බොහෝ දෙනා පරිගණක තාක්ෂණය භාවිතය මෑත කාලයකදී ආරම්භ කළ නිසාවෙන්දෝ මේ පිළිබඳව වැඩි සැළකිල්ලක් දක්වන්නේ නෑ. විටෙක ගොනුව ගොනුවක් ආකාරයෙන් නොව කෙටිමං (Shortcut) ආකාරයෙන්ද දර්ශනය වූවත් ඒ මත Double Click කරමින් ගොනුව විවෘත කරනවා. සැක සහිත භාවය නැති වීම සඳහා අදාළ ගොනුවත් වෛරසය සඟවා ඇති තැනින් විවෘත කර දුන්නත් ඒ අවසාථාවේ සිදු වන්නේ එය පමණක්ම නොවේ. ඒ අතරතුර වෛරසය ක්‍රියාත්මක වීමටද පටන් ගන්නවා. කලින් කී ලෙසටම අදාළ පියවර අනුගමනය කරමින් වෛරසය නව පරිගණකයේද ස්ථාපනයට දොරටු විවර කරගන්නවා.

මෙහිදී කියවයුතු වැදගත් කාරණයක් තමා බොහෝ දෙනා වෛරස සහිත Pen Drive එකක් Format කරීමෙන් අනතුරුව නැවත ඒ තුළ අදාළ වෛරස ආකාරයේ ගොනු දැකීමෙන් වටහා ගන්නේ Pen Drive එකෙන් වෛරසය මැකිය නොහැකි බවයි. නමුත් මෙතැනදී Format කිරීමකින් අනතුරුව මෙසේ ගොනු දැකියහැකි නම් එහි අරුත නම් ඔබේ පරිගණකය තුළ වෛරසය යහමින් ස්ථාපනය වී ඇති බවයි. මෙහිදී ප්‍රතිකාර කළ යුත්තේ පරිගණකයට මිසක් Pen Drive එකට නොවේ.

මෙසේ Pen Drive එක තුළට පිටපත් වන ගොනු exe ආකාරයේ පමණක්ම නොවේ. නමුත් කලින් කී පරිදි Windows මත ධාවනය වීමට නම් exe ආකාරයේ විය යුතුමයි. exe නොවන ගොනු තුළ ඇතුළත් වන්නේ වෛරසය ප්‍රති නිර්මාණය සඳහා අවශ්‍ය විස්තර හෝ අනවශ්‍ය ඉඩ නාස්තියක් පමණි.

ඉතින් මේ ආකාරයෙන් වෛරස විවිධ ආකාරයෙන් පැතිරෙන අතර ඒ සඳහා අපගේ සහය ද නොමඳව ලැබෙනවා. එසේ නම් දැන් අප බළමු මේ වෛරස වළක්වන්නට අප ක්‍රියා කළ යුතු ආකාරය.

වෛරසයක් ඇති බව හඳුනාගැනීම

පරිගණකය තුළ වෛරසයක් බව හැඟුණ සැනින් පරිගණකය හා සබැඳි අන්තර්ජාල හා අනෙක් උපකරණ ගලවා දමන්න. එමගින් වෛරසය පරිගණකයට පමණක් සීමා වෙනවා. දැන් අප කළ යුත්තේ පරිගණකය තුළ තිබෙන ගොනු (Files) පිළිබඳ පරික්ෂාවක් කිරීමයි. මුලින්ම පහත ආකාරයට සැකසීම් කිහිපයක් කරන්නට ඕනෑ. එමගින් මෙහෙයුම් පද්ධතියට පමණක් දර්ශණය වන විශේෂ ගොනු හා ෆෝල්ඩර කිහිපයක් බැගින් දෘඩ තැටියේ C:\ D:\ E:\ ආදී Volume මත දිස් වන්නට පටන් ගන්නවා.

එවිට පහත ආකාරයේ කවුළුවක් දිස් වන අතර එහි View යන Tab එකෙහි පහත ඡායාරූපයේ නිල් වර්ණයෙන් දක්වන සැකසීම් සිදු කරන්න.

දැන් Apply හා OK ලබා දෙන්න.

අප මෙතැනදී සුපරික්ෂාකාරී විය යුතු වන්නේ C:\ D:\ E:\ වැනි ප්‍රධාන විවර තුළ පමණයි. නැතිනම් ඔබ ඒවා මත තැනූ ෆෝල්ඩර තුළ පරික්ෂා කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. එමෙන්ම ඔබ පරික්ෂා කරන ගොනු අඩ දර්ශණතාවයෙන් (Half Opacity) යුතු වෙනවා.

ඒ අතර පහත ෆෝල්ඩර නොසළකා හරින්න.

C:\ තුළ පහත ෆෝල්ඩර වේ නම් ඒවාත් නොසළකා හරින්න.

C:\ තුළ පහත ගොනු වේ නම් ඒවාත් නොසළකා හරින්න.

ඉහත ගොනු හැර වෙනත් ගොනු වේ නම් සැළකිලිමත් විය යුතුයි. ඒ අතර පහත ගොනු වේ දැයි බලන්න.

මේ ආකරයෙන් වෛරස පරිගණකයේ තිබේදැයි පහසුවෙන් හඳුනාගත හැකීයි. නමුත් වෛරසය මේ වන විටත් පරිගණකයේ ස්ථාපිත වී ඇතිනම් කළ හැකි එකම දේ වන්නේ නැතව පරිගණකය මත Windows ස්ථාපනය කිරීමයි. මක් නිසාදයත් අපට වැඩි යමක් කළ හැකි වන්නේ වෛරසය පරිගණකය මත ස්ථාපනයට ප්‍රථමයෙනුයි.

වෛරස මර්දනය

කලින් කී ලෙසට වෛරසය මේ වන විටත් පරිගණකයේ ස්ථාපනය වී ඇතිනම් කළ හැකි ආකරක්ෂිතම දේ Windows ස්ථාපනය කිරීමයි. අවම වශයෙන් C:\ විවරය පමණක්වත් Format කිරීම අනිවාර්යය වේ.

මෙහිදී Restore Point ක්‍රමය භාවිතය වඩා ඵලදායී වන්නේ නැහැ. මොකද මේ වන විටත් පරිගණකයේ වෛරසය ස්ථාපිත නිසා Restore ක්‍රියාවළියකට පරිගණකය සැරසුණ විටකදී වෛරසය ආරක්ෂා කිරීම සඳහා සමහරෙක් විට සම්පූර්ණ Restore කිරීමක් සිදු කිරීමට මෙහෙයුම් පද්ධතියට ඉඩ නොතබයි. මේ නිසා වෛරසය ඉවත් නොවේ.

එමෙන්ම මේ මොහොතේ දී ප්‍රතිවෛරස මෘදුකාංග ස්ථාපනයද පළක් නොවේ. මක් නිසාදයත් ප්‍රතිවෛරස මෘදුකාංගය වෛරස ලෙස හඳුනාගන්නා සමහරෙක් ගොනු මෙහෙයුම් පද්ධතියට මේ වන විටත් අත්‍යාවශ්‍ය ගොනු විය හැකී. මේ නිසා ප්‍රතිවෛරස මෘදුකාංගය වෛරස ගොනු මකා දැමීමෙන් සිදු කරනුයේ මෙහෙයුම් පද්ධතියට හානි කිරීමයි. මෙවන් අවස්ථාවල පරිගණකය ආරම්භයේ දී යම් ගොනු මග හැරීම් (Missing) සිදු වී ඇතැයි දිස් විය හැකිය. නැතිනම් දිගින් දිගටම පරිගණකය Restart වීම ද සිදු විය හැකීයි. එබැවින් කළ හැකි හොඳම දේ වන්නේ නැවත මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමයි. ප්‍රතිවෛරස මෘදුකාංග පිළිබඳව දීර්ඝ වශයෙන් ඉදිරි ඡේදවලින් විස්තර කර තිබෙනවා.

ඔබ වෙනත් අයෙකුගෙන් රැගෙන ආ Pen Drive එකක් හෝ වෙනත් අයෙකුගේ පරිගණකයකින් ගොනු රැගෙන ආ ‍Pen Drive එකක් වේ නම් මුලින්ම පරිගණකයේ My Computer විවෘතව තබා ගන්න. Autoplay සැකසීම් සියල්ල ඉවත් කරන්න. ඔබ ඔබගේ පහසුව සඳහා Pen Drive එකක් පරිගණකයට සම්බන්ධ කළ සැනින් Windows Explorer එක විවෘත වී Pen Drive එක තුළ දර්ශණය කිරීමට සකසා ඇත්නම් එය වහා ඉවත් කරන්න. එය ඉතා අනතුරුදායක සැකසීමකි.

දැන් Pen Drive එක පරිගණකයට සම්බන්ධ කර My Computer එක මත දර්ශණය වන තෙක් රැඳී සිටින්න. පසුව මූසිකය මගින් ඒ මත Right Click කර Open විධානය ලබා දී Pen Drive එක විවෘත කරන්න. විවිධ Windows සංස්කරණවල මෙම වචනය වෙනස්වේ. එය Explore ලෙසද තිබිය හැක. පහත ආකාරයේ ගොනු ඔබට දකින්නට ලැබේ නම් Pen Drive එක තුළ වෛරස ඇති බව සැක හැර දැනගත හැක. මේ සඳහා කලින් කී මෙහෙයුම් පද්ධතියට පමණක් දර්ශණය වන විශේෂ ගොනු හා ෆෝල්ඩර දර්ශණය වන සේ සකසා ගන්න.

පහතින් දැක්වෙන්නේ එවැනි වෛරස ක්‍රියා නිසා Pen Drive එක තුළ ගොනු දිස් වන ආකාරයයි.



වෛරස ආසාදිත නැති ඉහත ආකාරයේ නොවන ගොනු ඔබට ලබා ගත හැකිය. අවශ්‍ය ගොනු මත Right Click කර Copy විධානය මගින් සහ අවශ්‍ය තැනට Past කරමින් ගොනු පිටපත් කරගන්න. දැන් Pen Drive එක Format කරන්න. සෑම විටම Double Click භාවිතයෙන් තොර වීමට මතක තබා ගන්න.

සමහරෙක් විට ඔබට ලබා ගැනීමට අවශ්‍ය ගොනු දර්ශනය නොවන විටකදී Linux වැනි මෙහෙයුම් පද්ධතියකට Pen Drive එක සම්බන්ධ කර ගොනු ලබා ගත හැකිය. Linux වැනි මෙහෙයුම් පද්ධති මත .exe ආකාරය මෘදුකාංග නොවන අතර මේ නිසා කිසිඳු බලපෑමක් වෛරසයට සිදු කළ නොහැක. එසේත් ආකාරයෙන් වත් දත්ත නොපෙනවයි නම් දත්ත ලබා ගැනීමට කළ හැකි එකම දෙය වන්නේ Windows මෙහෙයුම් පද්ධතිය මගින් විවෘත කර අදාළ Shortcut එක මත Double Click කරමින් ගොනුව ලබා ගැනීම සහ වෛරසයට පරිගණකයට පිවිසීමට ඉඩ ලබා දීමයි. පසුව මෙහෙයුම් පද්ධතියම නැවත ස්ථාපනය කිරීමට සිදු විය හැකී. නමුත් මේ වන විටත් හොඳ ප්‍රතිවෛරස මෘදුකාංගයක් ඔබේ පරිගණකයේ තිබේ නම් ගොනු ආරක්ෂාකාරීව ලබා ගැනීමටද හැකි වනු ඇත. දැන් අප බලමු ප්‍රතිවෛරස මෘදුකාංග ක්‍රියා කරන ආකාරය.

ප්‍රතිවෛරස මෘදුකාංග

ප්‍රතිවෛරස මෘදුකාංග භාවිතය ආරක්ෂාකාරී වන නමුත් මෙහිදී Crack කරන ලද ප්‍රතිවෛරස මෘදුකාංග භාවිතයෙන් පලක් නොවේ. මක් නිසාදයත් ව්‍යාජ ලෙස ස්ථාපන කළ ප්‍රතිවෛරස මෘදුකාංග විටෙක වෛරස ලෙසම හැසිරෙන බැවිනි. එනමුත් අප නීත්‍යානුකූලව ප්‍රතිවෛරස මෘදුකාංග මිලදී ගත්තද මෙහෙයුම් පද්ධතිය ව්‍යාජ ලෙස ස්ථාපිත නම් අදාළ ප්‍රතිවෛරස මෘදුකාංගය නිර්මාණය කළ සමාගම හා මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කළ සමාගම ඒකාබද්ධ සම්මුතීන් හා සබඳතා මත ව්‍යාජ මෙහෙයුම් පද්ධති හඳුනාගැනීම ප්‍රතිවෛරස මෘදුකාංගය මගින් සිදු කරන අතර එමගින්ද වෛරස නිර්මාණය වීමට ඉඩ තිබේ. නැතහොත් පරිගණකය අඩාල කිරීමටම ප්‍රතිවෛරස මෘදුකාංගය වෙර දරයි. නමුත් ආසියාතික රටවල විනිමය සැළකීමේ දී ව්‍යාජ මෘදුකාංග සාමාන්‍ය දෙයකි. මේ නිසා භාවිතා කරන මෘදුකාංග නොමිලේම අදාළ සමාගම්වලින්ම ලබා දෙන ඒවා නම් වඩා ආරක්ෂාකාරී වේ. ඒ වගේම ඒ ප්‍රතිවෛරස මෘදුකාංග වැඩි ප්‍රචලිතතාවයක් සහිත දැයි සොයා බැලිය යුතුය. එබැවින් මාගේ අත් දැකීම් සමගම මා ඔබට යෝජනා කරන්නේ Panda Free Security වැනි ප්‍රතිවෛරස මෘදුකාංගයක් භාවිතා කර බලන ලෙසයි. එසේ නොමැතිනම් වැඩි ප්‍රචලිතතාවය සළකා බලන්න. ප්‍රතිවෛරස මෘදුකාංගය සෑම විටම මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමනේ පසුව ස්ථාපනය කරන පළමු මෘදුකාංගය විය යුතුමයි. එමගින් ආරක්ෂාව වැඩි වන අත වෛරසවලට ඇතුලු වීමට ඉඩ අවම වනවා. එමෙන්ම ප්‍රතිවෛරස මෘදුකාංගය දින කීපයකට වරක්ම යාවත්කාලීන (Update) කරන්න. එමගින් නව වෛරස පිළිබඳ තොරතුරු ප්‍රතිවෛරස මෘදුකාංග ලබාගන්නා අතර නව ආරක්ෂක ක්‍රමෝපායන් ද හඳුනාගන්නවා. පරිගණක ක්‍රීඩා සඳහා යොදන Crack සඳහා පමණක් ඉඩ ලබාදීමක් (Exclude) යෙදීම කළ හැකි නමුත් එම Crack පිළිබඳ විශ්වාසය තැබීමද අනතුරුදායකය.

අන්තර්ජාලයෙන් මෘදුකාංග බාගත කරගන්නා විට පහත වෙබ් අඩවි වගේම ඔබට විශ්වාසදායක වෙබ් අඩවි පමණක් භාවිතා කරන්න.

එමෙන්ම මෘදුකාංග බාගත කිරීමේ දී පෙර බාගත කිරීම් මෘදුකාංගයක් (Pre-Downloadable Setup) ලබා දේ නම් ඒවා නොසළකා හරින්න. Google වැනි සෙවුම් යන්ත්‍ර මත Cracks, Patchs සෙවීමෙන් වළකින්න. Cracks, Patchs සඳහා Torrent පමණක් භාවිතා කරන්න. Torrent භාවිතා කිරීමේ දී Torrent අඩවියේ පරිශීලක අදහස් (Comments) හා මනාප (Likes/Dislikes) සළකා බලන්න. හැකි හැම විටම නොමිලේ ලබාගත හැකි මෘදුකාංග භාවිතා කරන්න. Cracks, Patchs භාවිතය අවම කරන්න.

පහතින් දැක්වෙන ආකාරයේ වෙබ් අඩවි වලට පිවිසීමෙන් වළකින්න. මෙවැනි වෙබ් අඩවි වෙබ් URL මගින් හඳුනාගත හැකීයි.

එහි Title=Windows 10 Crack මගින් සෑදිය යුතු ගොනුවේ නම ඇතුළත් වේ. බාගත වන ගොනුව සෑම විටම එකම නමක් වන අතර ගොනුවේ ඇත්තේ බොහෝ විටම Addware එකක්ම වේ. බොහෝ විට මෙවැනි Setup වලින් ස්ථාපනය වන්නේ TuneUp Utilities වැනි අප බලාපොරොත්තු නොවූ මෘදුකාංගයකි. සැක හැර දැන ගැනීමට අවශ්‍ය නම් වෙන නමක් Title=FakeName ලෙස යොදා බලන්න. එවිටද ඒ නම සහිත ගොනුවක් ලැබේ නම් ඉන් අදහස් වන්නේ වෙබ් අඩවිය ව්‍යාජ එකක් බවයි.

මෙවැනි වෙබ් අඩවිවලින් ආරක්ෂා වන්න. Pen Drive මගින් වැඩි වශයෙන් වෛරස පැතිරේ යැයි පැවසුවත් ආරම්භය විය හැක්කේ මෙවැනි වෙබ් අඩවි වලින් බාගත කර ගත් මෘදුකාංගවල අන්තර්ගතයයි.

Windows XP, Windows 7 මෙහෙයුම් පද්ධති භාවිතයෙන් වළකින්න. Windows 8, 8.1, 10 භාවිතා කරන්න. එමෙන්ම එහි එන Windows Defender එක භාවිතා කරනවානම් ප්‍රතිවෛරස මෘදුකාංගයක් අවශ්‍ය වන්නේද නැත. එමෙන්ම එය නිතරම යාවත්කාලීන කරන්න.

නමුත් ඔබට Windows XP භාවිතයෙන් තොර විය නොහැකි නම් (ඇතැම් මුද්‍රණ ආයතනවල පරිගණක හා වෙනත් උපාංග සම්බන්ධිත පරිගණකවල එම අදාළ යන්ත්‍රවල මෘදුකාංග ක්‍රියාත්මක වන්නේ Windows XP මත පමණක් වේ.) වඩා සැළකිල්ලෙන් අන්තරජාලය හා Pen Drive භාවිතය කළ යුතුය.

පරිගණක වෛරස මර්දනය අපහසු දෙයක් නොවේ. අවශ්‍ය වන්නේ ඔබගේ අවධානයයි. සෑම විටම පරිගණකයේ තිබෙන ගොනු ගැන සැළකිලිමත් වන්න. වෙනත් පරිගණකවලින් රැගෙන එන ගොනු ගැන සැළකිලිමත් වන්න. එවිට ඔබට ඔබේ පරිගණකය පහසුවෙන් වෛරසවලින් ආරක්ෂා කර ගත හැකිය.

Brightspot Network
Free educational network inclding Android App, Web Server and YouTube channel, for those who dreaming to be a pro in programming and ICT feild. Most of learning segments and tutorials are related to GEC OL and AL syllabuses.

Brightspot Android App is more reliable to use for your educational purposes and daily updates will encurage you to do earn programming and web developing techniques.
Featured Articles
Read the present ICT world tehnologies, PC tricks. There may be some of introduction to the software that you should follow to make your daily works more easy and fast.

These articles are provided by one of my Project called "Article Library", even you can embed this article into your web, blog or any place you want.
Tools & Projects
My personal projects thats i've created using my web developing and programming knowladge. There are web based tools and projects also youcan embed them into your web sites wherever you want. And other projects such as windows programs, you can download them easy and use the free of charge.

Try your best to improve your programing knowladge and develop some of apps and webs tools like this to show some colours to the world!
Sinhala Tutorials
There are easy and breif programming and web development tutorials to improve your skills and help you to begin with coding. I hope this Sinhala tutorials will able to educate you something to come up with new ideas and invent new programs and web designs.

You can download these tutorials free of charge as PFDs. Enjoy the free and fast prograimg and web developing education!
I'm Deshan Nawanjana
World of technology is much wonderful. There is a dream with everyone to reach, everyone to succseed. My dream is to win the programmg and web development world in my own way. Follow me and I will share the knowloadge that I have and let's reach to the top of this mountain.
Web Designing
Programming
Technology
Help & Support
Brightspot Educational Network
Web Server
Visit Now
Android App
Install Now
Youtube Channel
Visit Channel
Brightspot Educational Network
Android App
Install Now
Web Server
Visit Now
Youtube Channel
Visit Channel
Tools & Projects
xPanel
I've created some of web based tools that make your stuff easy. All of these tools work on web browser and also you can embed these tools into your web, blog or anywehere you want.

Javascript is the major proccessing language here and most of these tools are based on text converting, formatting and ecnrypting.
Arduino World
Arduino is one of the most famouse feild for those who likes to work with the electronic programming world. Using the basic UNO Arduino Board, some of sensors and modules, you can cover up this entire tutorial site.

Each section of the Arduino wolrd contained with one somple example and pins setup strcture. So With the description of those examples, you may able to learn Arduino much faster.

C Notes LK
Learn the C Programming step by step. This tutorial already have everything you need to know in C. All of basics coding segments are included in order. If you willing to start from the begining, I'm sure you will able to do C programming in few days.

Every example that inside a step is conatined with comments line by line. So you don't need to worry about your programming knowladge. It will make everything easy to learn.
Programming & Web Tutorials in Sinhala
Download
Download
Download
Download
Download
Download
Download
Download
Download
Contact Me
deshan.uok@gmail.com
+94 766095229
Facebook Page